තමන්නා බාතියා (Tamannaah Bhatia) ගැන අහලා තියෙනවද? අහලා නැත්නම් එයා ගැන, ඒක ලොකු පුදුමයක්.
එහෙම කියන්නේ ඇයි?
උත්තරය හරිම සරලයි. තමන්නා තමයි මේ දවස්වල ඉන්දියානු සිනමාවේ සුන්දරම ගිනිසිළුව. බොලිවුඩයේ හෝ කොලිවුඩයේ කියලා කියන්නේ නැතුව ඉන්දියානු සිනමාවේ කියන හැඳින්වීම මෙතැනදී එකතු කෙරුවේ ඈ තෙලිඟු මලයාලම් දමිළ වාගෙම හින්දි සිනමාව පුරාද තම සරාගී රූපශ්‍රීයෙහි සහ රංගනයෙහි ප්‍රතිරූපය ඉදිකොට අවසානව ඇති නිසයි.
ඒ කියන්නේ තමන්නා මුළු ඉන්දියානු සිනමාව පුරාම තම සරාගී ආලිංගනයෙන් රසික සිත් සතන් උමතු කොට හමාරයිද?
සති ගණනකට කලින් කොල්කටාවල පැවැත්වුණු ඇගේ සජීවී ප්‍රසංගය දිහා බැලුවාම එහෙම හිතන එකේ වැරැද්දක් නැහැ.
ප්‍රසංගය අතුරුසිදුරු නැතුව සෙනඟ පිරිලා ඉන්න ඇති ඉන්තේරුවෙන්ම.
කතා දෙකක් නැහැ. පොලිස් ආරක්ෂාව පවා දාන්න වුණා කියලයි ආරංචිය. තමන්නාගේ අඩනිරුවත් ආලිංගනය බැල්ම කැල්ම රාගය මුසු ගීතවත් හඬට තරුණ තරුණියන් විතරක්ම නෙවෙයි වැඩිහිටි පිරිසත් මෝහනය වුණාලු.
තෙලිඟු සිනමාවේ වැඩිම වැටුප් ලබන්නෙ තමන්නාය කියනවා. ඒක මුසාවක් නෙවෙයි.
2024දී ඇගේ හදිසියේම වාගේ දඩිබිඩි තාලෙට ඉහළ නැගපු වත්කම ගැන ටැක්ස් කාක්කෝ මේ දවස්වල සෙවිල්ලෙන් ඉන්නවලු. පසුගිය දෙසැම්බරයේ ඈ ඉදිරිපත් කරපු මෝස්තර නිරූපණය වෙනුවෙන් ඇයම නිර්මාණය කළ ඇඳුම් පැලඳුම්වලින් වැඩි හරියක්ම මතුව පෙනුණේ ඇගේ නිරුවත දෙතොල මත තවරා තිබුණු ආලේපන, ඇස් මත ගල්වා තිබුණු අඳුන් ඇගේ සරාගී හැඟීම් ගැන මොනවට කියාපෑවද කියන නිවුස් එක තමයි ඒ දවස්වල සෝෂල් මීඩියා පුරාම මුදාහැරලා තිබුණේ.
තමන්නා ආවේ දමිළ චිත්‍රපට කලාව හරහායි. පසුව ඇය තෙලිඟු මලයාලම් චිත්‍රපට හරහා ජනප්‍රිය වුණා. බොලිවුඩ් සිනමාවට සංක්‍රමණය වුණේ එයට පසුවයි. රැජිනි කාන්ත්ගේ ජේලර් ෆිල්ම් එක හරහාද මේ සරාගී සුරූපිනියට කදිම ප්‍රතිචාරයක් ලැබුණා. ‘ජේලර්’ ඕඩියෝ ලෝන්ච් එක හුඟක්ම සුන්දර මොහොතක් කරන්න ඇගේ සරාගී රංගනය සහ ලගන්නාසුලු කතාව බොහෝ ඉවහල් වූ බවයි එයට සහභාගිව හිටපු කවුරුත් කිව්වේ. ඒ විතරක් නෙවෙයි ‘ජේලර්’ ෆිල්ම් එක වටා පිරිමි ඕඩියන්ස් එක හුඟක්ම ගොඩනැගෙන්න, රැජිනිගේ ප්‍රතිරූපය වාගෙම තමන්නාගේ ආලිංගනයත් සියයට පනහක්ම බලපෑ බව කොලිවුඩ්වල සිනමා විචාරකයොත් පිළිගත්තා. ‘ජේලර්’ ටේ්රලර් එකට ඒ ගීතය ඇතුළත් කෙරුවෙත් ඒ අනුමානය නිසාම තමයි.
මේ තරම් සරාගී ගිනිසිළුවකට පෙම් හබ එහෙම නැතුව යන්න බෑ…
ඇගේ පෙම් හබය ඇතිවූයේ ජනප්‍රිය කඩවසම් ඉන්දීය නළු විජය වර්මා එක්කයි. මියුසික් වීඩියෝ කිහිපයකම ඈ විජය වර්මා එක්ක රංගනයෙහි යෙදුණා. ඇගේ ඒ රංගනයන් තාත්විකයි. සුන්දරයි වගේම සරාගී බවෙන්ද අනූනයි. එක් මියුසික් වීඩියෝවක විජය වර්මාට සමීපව තමන්නා කරන හාදු වැස්සක දසුන දැඩි විවේචනයට ලක්වුණත් එම ගීතය දෙතුන් වරක් පවා නරඹා ඇති සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවීය.
සුපිරි ඉන්දියානු නිළියන්ට තමන්නාට චැලෙන්ජ් එකක් වෙයිද?
දැනටමත් එහෙම සෙයියාවක් තියෙනවා. ඉස්සරහට බලමු. කොහොමත් තමන්නාගේ සරාගී ප්‍රතිරූපය දැනටම ඉන්දියානු සිනමා ලෝලීන් අතර ටේරන්ඩ් එකක් වෙලා ඉවරයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු


















