BREAKING NEWS
Search

ජනපතිගෙන් ඔක්තෝම්බර් මාසයේදී ලංකාවට විශේෂ සැමරුම් දිනයක්

34

ඔක්තෝම්බර් මාසයේදී විශේෂ සැමරුම් දිනයක් සඳහා මෙවර අයවැයේදී අලුත් යෝජනාවක් ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ අදහස් පල කර සිටියේ අද (31) යාපනයේදී ජනතාව අමතමින්.

ජාතීන් උදෙසා වෙන් වෙන් වශයෙන් වූ උත්සව සංවිධානය කර තිබුණ ද ලාංකිකයින් වශයෙන් සියලු දෙනාටම එකතු වී සැමරිය හැකි උත්සවයක් නොමැති නිසා ජාතියේ මහා මංගල්‍යය ලෙසින් උත්සවයක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සියලු ජන ප්‍රජාවන්ගේ සංස්කෘතීන් එකතු කරමින් මෙම උත්සවය සංවිධානය කරන බවද එහිදී අදහස් දක්වමින් ජනපතිවරයා සඳහන් කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,

”බෙදීම් අවසන් කරන ආණ්ඩුවක් බිහිවෙලා තියෙනවා.මේ එකතු වීම යළි වෙන් වෙන්න ඉඩ තියෙන්නේ නෑ.. සියලු දෙනාම එකතු විය යුතුයි.. මෙවර අය වැයට අලුත් යෝජනාවක් ඉදිරිපත් කරනවා.. ජාතීන්ට වෙනස් වූ උත්සව වෙනුවට එක උත්සවයක් සංවිධානය කරනවා. තෛපෝංගල් දෙමළ හින්දු ජනතාව සමරනවා.. වෙසක් උත්සවය බොද්ධ අය සමරනවා.. නත්තල් උත්සවය කිතුනුවන් සමරනවා.. ඉස්ලාම් අය රාම්සාන් සමරනවා.. දෙමල සිංහල මුස්ලිම් බොද්ධ සියලු දෙනාටම එකට සමරන දිනයක් නැද්ද? ඔක්තෝබර් මාසයේ සැලසුම් කරලා තියෙනවා සියලු ජන ප්‍රජාවන්ගේ සංස්කෘතීන් එකතු කරලා ජාතියේ මහා මංගල්‍යය අපි ලෑස්ති කරලා තියනවා.. අපි ඈත්වෙලා හිටියට අපේ දරුවෝ ඈත්වෙන්න හොඳ නෑ.. අපි යුද්ධ කළාට දරුවෝ යුද්ධ කරන්න හොඳ නෑ”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *