අයියා තම නැගණියට කල අහස පොලොව නුහුලන අපරාධය

44

ආරවුලක් දුර දිග යාමෙන් හේතුවෙන් අයියා විසින් ගුරුවරියක්වු තම නැගණියට පිහියකින් සහ යකඩ මල් පෝච්චියකින් පහරදි අද (31) අලුයම ඝාතනය කර ඇතැයි  පොලීසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ කඹුරුපිටිය පදිංචි දික්වැල්ල විද්‍යාලයක ගුරුවරියක් වන රජගල්ගොඩ ගමගේ අයේෂා නිශාමනි නමැති32 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

මියගිය කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා බව කියන සැකකරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

වෙනත් පුවත්

වැඩි මිලට සහල් විකුණූ සුපිරි වෙළඳසැලකට ලක්ෂ 10 ක දඩයක්

උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අළෙවි කළ සුපිරි වෙළඳසැලකට මෙතෙක් ඉහළම දඩය ලෙස රුපියල් ලක්ෂ 10 ක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

රුපියල් 220 ක් මිල නියම කර තිබෙන සුදු කැකුළු කිලෝවක් රුපියල් 255 කට අළෙවි කිරීම හේතුවෙන් මෙම ලක්ෂ 10 ක දඩය අධිකරණය මගින් නියම කර ඇත්තේ කැළණිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට බවද අධිකාරිය සදහන් කරයි.

මෙයට අමතරව වැඩි මිලට සහල් අළෙවි කළ පිටකොටුව වෙළෙඳ සමාගමකට රුපියල් 750,000 ක දඩයක් මාලිගාකන්ද අධිකරණය මගින් නියම කළ බව පාරිභෝගික අධිකාරිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *