මෝදර පොලිස් වසමේ කොළඹ 15 ලිපිනයේ පිහිටි, සුභසිංහ නිශ්ශංක නැමති අයකුගේ අයගේ නිවස ඉදිරිපිට මල්වඩමක් හා ටී 56 ජිව උණ්ඩ 10ක් තබාගොස්ව ඇති බවට නිවසේ හිමිකරු විසින් මෝදර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මෝදර පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිළධාරීන් විසින් සිදු කර විමර්ශණවලදී සහ CCTV පරීක්ෂාවලදී අනාවරණය කරගෙන ඇත්තේ, අපරාධය සිදු කිරීමට පැමිණි ත්‍රීරෝද රථය පැදවූ බවට සැකකෙරෙන පුද්ගලයා, එම ලිපිනයේදී ත්‍රී රෝද රථය සහ ඔහු සන්තකයේ සගවාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 800ක් සමග පසුගිය 29වනදා අත්අඩංගුවට ගත් අයෙකු බවයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් කරන ලද විමර්ෂනයේදී කෙසෙල්වත්ත දිනුක, ඩුබායි නිපුන යන සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ අනු දැනුම මත සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඩුබායි නිපුන සහ රජමල්වත්තේ චාමර යන අය සමග ඇති කරගෙන ඇති අමනාපයක් මුල්කරගෙන අදාළ පැමිණිලිකරු රජමල්වත්තේ චාමර යන අයගේ මස්සිනා වන බැවින් මෙය පළිගැනීමේ අදහසින් සිදු කර ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.


















