රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
විදෙස් සංචාරකයින් පිරිසක් තරු පන්තියේ හෝටලයක පිහිනුම් තටාකයේ රාත්‍රී කාලයේ බීමතින් දියනාමින් සිටියදී ඊට විරෝධය පල කිරීම නිසා එහි සිටි පිළිගැනීමේ නිලධාරිනියක් බලහත්කාරයෙන් පිහිනුම් තටාකයට තල්ලු කිරීමේ සිද්ධියක් වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.
හෝටලයට නවාතැන් ගැනීම සදහා පැමිණ සිටි පෝලන්ත ජාතිකයින් පිරිසක් ඇයව මෙලෙස තල්ලු කර ඇති අතර, තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව සදහන්.
අදාළ පිළිගැනීමේ නිළධාරීනිය දියනෑම සදහා වෙන් කර ඇති කාලයෙන් පසු දිය නෑමෙන් වලකින ලෙස දැනුම් දීමත් සමග ඊට විරෝධය පළ කළ මෙම විදේශිකයින් පිරිස ඇයව මෙලෙස පිහිනුම් තටාකයට තල්ලු කර තිබෙනවා.
කෙසේ වෙතත්, හෝටලයේ පාලනාධිකාරිය අදාළ විදේශිකයන් වෙත මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කළ ද ඒ වල විටත් ඔවුන් දිවයිනෙන් පිටත්ව ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

















