BREAKING NEWS
Search

සේවකයන්ට අමුතු විදිහකට බෝනස් ලබා දුන් කම්පැනිය – මදි නොකියන්න දීලා

38

චීන දොඹකර සමාගමක්, එම සමාගමේ සේවකයන්ට, වසර අවසාන ප්‍රසාද දීමනා (බෝනස්) වශයෙන්, ඇමෙරිකන් ඩොලර් මිලියන 11 කට ආසන්න මුදලක් බෙදා දීමට පියවර  ගෙන ඇත.

හෙනිං මයිනිං ක්‍රේන් නමැති එම දොඹකර සමාගම, ආයතන පරිශ්‍රයේ දිගු මේසයක මුදල් නෝට්ටු අතුරා, “ඔබට ගණන් කරන්න හැකි ප්‍රමාණයක මුදලක් රැගෙන යන්න” යැයි සේවකයන්ට දැනුම් දී ඇත.

තමන්ට අවශ්‍ය පරිදි ප්‍රසාද දීමනා මුදල එකතු කර ගැනීමට ලබා දී තිබුණු කාලය මිනිත්තු 15 ක් යැයි ද පැවැසිණි.

වෙනත් පුවත්

ජෙරොම් විදෙස් තහනම ලිහිල් නොවේ

ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක වීසා කල්ඉකුත් වී ඇති බැවින් එම රටවල වීසා අලුත් කර ගැනීම සඳහා විදේශ ගතවීමට දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.

අන්‍යාගමිකයන් අතර ඇති සංහිදියාව බිඳ හෙලන ආකාරයේ දේශන පැවැත්වූ බවට එල්ලවූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මේ වනවිට ඇප මුදා හැර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *