රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර වර්ග 5 ක මිල අඩු කිරීමට පියවරගත් බවත් එම නව මිල අද (30) සිට ක්‍රියාත්මක බවත් පවසයි.
ඒ අනුව ලොකු ලූණු සහ පාන්පිටි කිලෝවක මිල රුපියල් 10 බැගින් අඩු කළ බවත් ලොකු ලූණු කිලෝවක නව මිල රුපියල් 220 ක් ද, පාන්පිටි කිලෝවක නව මිල රුපියල් 165 ක් ද, බවත් සුදු සීනි කිලෝවක මිල රුපියල් 5 කින් අඩු කිරීමත් සමඟ එහි නව මිල රුපියල් 235 ක් බවත් සතොස සඳහන් කරයි.
රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 3 කින් අඩු කිරීමත් සමඟ එහි නව මිල රුපියල් 285 ක් ද, ආනයනික සුදු කැකුළු කිලෝවක් රුපියලකින් අඩු කිරීමෙන් පසුව එහි නව මිල රුපියල් 209 ක් ක් ද, වන බවත් ලංකා සතොස වැඩි දුරටත් කීය.
වෙනත් පුවත්
කදපොල එළවළු ජලයෙන් යටවෙයි
මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට අද(30) අලුයම ඇඳහැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත් බිම්වල සිදුකර ඇති එළවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් විනාශයට පත්ව ඇත.
කඳපොල ප්‍රදේශයට ඇඳහැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑලිය බෝමුරු ඇල්ලට ජලය ගලා බසින ඇළ මාර්ග පිටාර ගැලීමෙන් එළවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වූ බව ගොවිහු පවසති.
ඇළ මාර්ගය පිටාර ගැලීම නිසා නුවරඑලිය කඳපොල ගල්පාලම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා නුවරඑලිය රාගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.


















