BREAKING NEWS
Search

මෙරට පවුල් රැසකගේ බැංකු ගිණුම්වලට හෙට සිට ලැබෙන්න යන ප්‍රතිලාභය මෙන්න…

41

හානි වූ වගාවන් සඳහා වන්දි මුදල් ගෙවීම හෙට සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ මහ කන්නයට අදාළව නොවැම්බර් මස ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වූ වගාවන් සදහායි.

මෙම අදාළ වන්දි ගෙවීම් ආරම්භ කර ඇත්තේ පොළොන්නරුව, මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වගා හානිවලට අදාළවයි.

ඒ අනුව අදාළ ගොවීන්ගේ නාම ලේඛන ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරින්ගේ නිර්දේශ සහිතව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට ලැබීමෙන් පසුව අදාළ වන්දි මුදල් නිදහස් කරනු ඇත.

මේ යටතේ, රු.මිලියන 166.7කට ආසන්න මුදල් ප්‍රමාණයක් වන්දි වශයෙන් වගා බිම් අක්කර 13379,96ක ගොවි මහතුන් 6234ක් සදහා ලබා දීමට නියමිතය.
වෙනත් පුවත්

ලංගම සභාපති ඉල්ලා අස්වේ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

රමාල් සිරිවර්ධන මහතා සිය ඉල්ලා අස්වීම අමාත්‍යාංශය වෙත බාර දී ඇතැයි එම අමාත්‍යාංශය සදහන් කරයි.

ජාතික ජනබලවේගය බලයට පත්වීමෙන් පසු රමාල් සිරිවර්ධන මහතා ශ්‍රි ලංගම සභාපති ධුරයට පත් විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *