BREAKING NEWS
Search

ටිකට් කඩන්න අලුත් ක්‍රමයක් සොයා ගත් කොන්දොස්තර

42
බස් රථයට මගීන් වැඩිය පැටීවම නිසා අවසානයේ මගීන් මෙන්ම කොන්දොස්තර ද දැඩි අපහසුතාවකට පත්වූ පුවතක් වාර්තා වෙන්නේ කිලිනොච්චිය සහ මුහමාලෙයි අතර ධාවනය වූ බස් රථයකින්..

මේ බස් රථයේ කොන්දොස්තරවරයා උඩින් ගිහින් ටිකට් කඩලා..

මේ කතාව ඇසෙන්නේ, කිලිනොච්චිය සහ මුහමාලෙයි අතර ධාවනය වූ පෞද්ගලික බස්රථයකට මෙලෙස මගීන් අධික ලෙස පටවාගෙන තිබුණා…

මේ හේතුවෙන් බස් රථයේ කොන්දෙස්තර විසින් මගින්ගෙන් මුදල් අයකරගැනීමට වෙනස්ම ක්‍රමයක් අනුගමනය කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයන්ට පත්වීමක් පිළිබඳව වාර්තා වෙන්නේ…

අදාල පෞද්ගලික බස්රථය කිලිනොච්චිය සිට මුහමාලෙයි දක්වා ඊයේ ධාවනය කොට ඇති අතර, එහිදී බස්රථයට මගීන් පටවාගෙන ඇත්තේ මගීන්ද දැඩි අපහසුතාවයන්ට පත්කරගනිමින්…

එහිදී මගීන් බස්රථයේ අධික ලෙස පටවාගෙන යාම හේතුවෙන් කොන්දොස්තරවරයාට මගින්ගෙන් මුදල්ල බාගැනීමටද නොහැකි වීම නිසා කොන්දොස්තරවරයා බස්රථයේ සීට් උඩින් ගමන් කර ඔවුන්ගෙන් මුදල් ලබාගෙන තිබෙනවා…

කොන්දොස්තරවරයාගේ මෙම හැසිරීම හේතුවෙන් බස් රථයේ අසුන්වල සිටි මගීන්ද දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති අතරම මගින් විසින් චෝදනා කොට ඇත්තේ අධික ලෙස
මගීන් පෞද්ගලික බස් රථවලට පැටවීම මගින් අනතුරුවලට ලක්වීමේ අවධානමක්ද පවතින බවයි..

ඒ හෙයින් වහාම බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසට ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *