ක්‍රිෂ් ගනුදෙනුවෙන් රුපියල් කෝටි 07ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය ලෙස පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පැවරුවේය.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට අධි චෝදනා යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.
මෙම වංචා සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබු අතර එම සිද්ධියේ සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයටට ඉදිරිපත් කළ නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැර ඇත.
වෙනත් පුවත්
කරන්නාගොඩගේ පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉල්ලා අස්වේ
කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද ඉවත් වීමට තිරණය කළේය.
අදාළ රිට් පෙත්සම නව අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියෝග කෙරිණ.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, බී. ශෂී මහේන්ද්‍රන් ,දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එලෙස තීරණය කෙරෙණි.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු 2008 වසරේදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ පැවත්වෙන නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.


















