BREAKING NEWS
Search

තරුණයන් දෙදෙනෙක් එකතු වෙලා මහ මඟදී තරුණියන් දෙදෙනෙකුට කරපු දේ

42

වව්නියාව ඕමන්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකුට පහරදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 7කට ආසන්න ජංගම දුරකතනයක් කොල්ල කා යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය පවසනවා.

වව්නියාව තාණ්ඩික්කුලම් සිට ඕමන්ත දක්වා අදාළ තරුණියන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කොට ඇති අතර, ඕමන්ත ප්‍රදේශයේදී එකවරම තවත් යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් තරුණියන්ගේ යතුරුපැදිය නවත්වා ඔවුන්ට පහරදී එක් තරුණියක් සතුව තිබූ ජංගම දුරකතනය කොල්ල කා පලා ගෙස් තිබෙනවා.

පසුව එම තරුණියන් විසින් වව්නියාව හදිසි දුරකතන ඇමතුම් ඒ්කකය දැනුවත් කිරීමෙන් පසුව ඒ බව ඕමන්ත පොලිසියට දැනුම් දී තිබුණා.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ ඕමන්ත පොලිසිය කොල්ලකරුවන් පලාගිය මාර්ගයන් ඔස්සේ ලුහුබැඳ ගොස් අවසානයේදී කනගරායන් කුලම් ප්‍රදේශයේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.එහිදී කොල්ලකන ලද ජංගම දුරකතනය සොයාගෙන ඇති අතර, සැකකරුවන්ට එරෙහිව කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද නඩු පවතින බවටයි අනාවරණය වී තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයන්වන අතර, ඔවුන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි ඕමන්ත පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *