යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය දේශන වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් ය.
එම විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් එයට සම්බන්ධ වන වන බව සදහන් වේ.
ඒ අනුව සිය ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සදහන් කළේ ය.
කෙසේ වෙතත්, එම වර්ජනයට ප්‍රධාන හේතුව කලා පීඨයේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මැදිහත් නොවීම බව වාර්තා වේ.
වෙනත් පුවත්
සෞදියෙන් රටඉඳි කිලෝ 50,000 ක්
මෙරට ඉස්ලාම් බැතිමතුන්ට රාමලාන් සමයේදී පරිභෝජනයට ගැනීමට සෞදි අරාබි රජය රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක් ප්‍රදානය කළේය.
ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල් කතානි මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාට නිල වශයෙන් භාරදුන්නේය.
විදේශ රැකියා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් සහ නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.



















