BREAKING NEWS
Search

විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරයි

42

බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදි ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත අද (27) සවස අත් බෝම්බයක් පුපුරා ගොස් ඇති බවත් පසුව එම ස්ථානයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් හමුවි ඇති බවත් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

ට්‍රැක්ටරය විහාරස්ථානයට අයත් එකක් වන අතර විහාරාධිපති හිමියන්ගේ ඥාති පුතෙකු ට්‍රැක්ටරයේ පිටුපස තණකොල කපන උපකරණයක් සවිකරගෙන තණකොල කපමින් සිටියදි මෙම බෝම්බය පුපුරාගොස් ඇත.

අක්කර පහක් පමණ විශාල ඉඩම වසරකට පමණ පසු සුද්ධ කරමින් සිටියදි බෝම්බය පුපුරාගොස් ඇති අතර එහිදි ට්‍රක්ටරයේ රියදුරුට තුවාල සිදුව නැත. පසුව කරණ ලද සෝදිසියකදි ඒ ආසන්නයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් සොයාගෙන තිබේ.

බෙලිඅත්ත පන්වැව විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය පැමිණ බෝම්බ නිශ්ක්‍රිය කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම විහාරස්ථානය පාලු ප්‍රදේශයක පිහිටා ඇති බවත් පොලිසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *