රාත්‍රි පවත්වන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
සංගීත ප්‍රසංග නතර කිරීමට හෝ එහි කාලය සීමා කිරීමට තීරණයක් කර නොමැති බවත් අධිකරණ තීන්දුවලට අනුව පමණක් කටයුතු කරන බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
2005/38 දරන අධිකරණ තීන්දුව මගින් මහජනතාව පීඩාවට පත්වන ආකාරයේ සංගීත ප්‍රසංග පැවැත්වීම පිළිබඳව තීන්දුවක් ගෙන ඇති බව සඳහන්.
එම තීන්දුවට අනුව 2007/2008 පොලිසිය නිකුත් කළ චක්‍රෙල්ඛය 2010 වසරේදී සංශෝධනය කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
සංචාරක ක්ෂේත්‍රයක කිසිදු ආකාරයක බලපෑමක් නොවන ආකාරයෙන් මෙම සංශෝධන කළ යුතු බවත් රජය මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා වැඩසටහන් රැසක් දියත් කර ඇති බවත් අමාත්‍යවරය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
උපුටා ගැනීම – ලංකාදීප
උපුටා ගැනීම – ලංකාදීප
















