පෙබරවාරි මාසයේ පළවෙනිදා සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබා දෙන බවද ජනාධිපතිවරයා පැවසුවේ..
හෝමාගම ජන හමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මේ බව සඳහන් කළා…
ඉකුත් සමයේ රටට බලපෑ විදේශ විනිමය අර්බුදයත් සමග 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කෙරෙනවා..
සිරුරට ගිනි ඇවිලි අයෙක් මරුට
කොස්ලන්ද පොලිස් වසමට අයත් පූනාගල පාර . කෝවිල අසල නිවසක සිරුරට ගිනි ඇවිලීමෙන් මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (27) උදෑසන සොයා ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කොස්ලන්ද පාර, කෝවිල, පූනාගල ලිපිනයේ පදිංචි වයස අවුරුදු 70 පමණ වන එම් ඩී සයිමන් නැමැති පුද්ගලයෙකි.
මොහු සිය නිවසේ හුදකලාව ජීවත්ව ඇති අතර රාත්රී කාලයේ දී භූමි තෙල් ලාම්පුවක් දල්වා නිදා ගන්නා බවද එම කුප්පි ලාම්පුව පෙරළීමෙන් ගින්න ඇතිවන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.

















