බිත්තර සහ කුකුල් මස් මිල තව දුරටත් පහලට. නවතම මිල මෙන්න

46

පාරිභෝගිකයන්ට බිත්තර සහ කුකුළු මස් සාධාරණ මිලකට මිලදී ගැනීමට අවස්ථාව සැලසී ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ, පසුගිය සමයේ රටේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළ බවයි.

මේ වන විට බිත්තර සිල්ලර වෙළඳපොළේ රුපියල් 25 – 28 අතර මුදලකට ඇති අතර සම සහිත ශීත කළ කුකුළු මස් රුපියල් 900ක මුදලකටත් සම රහිත කුකුළු මස් රුපියල් 1000ක මුදලකටත් ලබා ගැනීමට අවස්ථාව පවතිනවා.
වෙනත් පුවත්

වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉමු

වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉඳිමු” යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ ප්‍රදේශවාසීන් පිරිසක් හමුවේ අද පැවසීය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ජීවත් වූ ගාල්ල කපුහෙම්පල නිවසට අද පෙරවරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි අතර ඒ අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ද නිවස අවට රැස්ව සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා වික්ටර් අයිවන් මහතාගේ ඥාතීන් හමුවී ශෝකය පළ කොට නැවත පිටත්ව යාමට සූදානම් වීමේදී ඒ අසලට පැමිණි ප්‍රදේශවාසීන් කෑමට සහල් නැති බවත් පොල් රුපියල් දෙසිය ගණනට ගොස් ඇති බවත් සඳහන් කළේය.

” අපගේ බලාපොරොත්තුව සර් තමයි” යනුවෙන්ද ප්‍රදේශවාසීහු රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් පැවසූහ.

එම පිරිස අමතමින් රනිල්  වික්‍රමසිංහ මහතා ” අපි බලමුකෝ මොකද වෙන්නේ” යනුවෙන් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *