පාසලෙන්ම ශිෂ්‍යත්වය සමත් එකම දරුවා මගේ සුදු පුතා… ඒත් ප්‍රතිඵල එනකොට එයා එයා අපිව දාල යන්න ගිහිල්ලා… බලංගොඩ මවක් කියන අනුවේදනීය කතාව මෙන්න…

32
ලකුණු 159ක් අරගෙන පාස් වුණු මල් කැකුළ ගැන ඇසෙන මේ කතාව හදවත පාරන කතාවක්…
මේ කියන්න යන කතාව දුක හිතෙන කතාවක්… දෙමව්පියන්ට මේ මොහොතේ ඒ සිදුවීම කොහොම දරාගන්නවා ඇතිද? මේ දුක්බර පුවත වාර්තා වෙන්නේ.බලංගොඩ ප්‍රදේශයෙන්….

මෙවර පැවැත්වුන පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිට ප්‍රථිපල ලැබිමට පෙර මීට මාස එකහමාරකට පෙර අවාසනාවන්ත ලෙස මියගිය දරුවෙක් ලකුණු 159 ක් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත් වූ පුවතක් වාර්තා වුණා.

බලංගොඩ වලේබොඩ, වතුකාරකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි සුපුන් සදරුවන් නැමැති මෙම දරුවා බලංගොඩ වලේබොඩ තෝරවෙලකන්ද විදුහලේ ඉගෙන ලැබු අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් එම පාසලේ සමත් වීඇති එකම දරුවාද මෙම දරුවා වීම විශේෂත්වයකි.
මෙම අනුවෙිදනීය සිද්ධිය සම්බන්ධයෙන් මව වන කේ.ඩි. කුසුමා පොඩිමැණිකේ හැඩු කඳුලින් මෙසේ පැවැසුවා.

“මගේ දරුවා මේ පාර ශිෂ්‍යත්ව විභාගය ලියලා ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සිටියා. එයා බලංගොඩ තෝරවෙලකන්ද විදුහලේ තමයි ඉගනගත්තේ. ශිෂ්‍යත්ව විභාගය ලියලා ඇවිත් අපි එක්ක කිිවා මට ලකුණු එකසිය හැටකට ආසන්න ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා.

ඒ්ත් ප්‍රතිපල එන්න මාස එකහමාරකට කලින් එයාට එකපාරටම ඇති වුන රෝගයක් හේතුවෙන් එයා අපිව දාල යන්න ගියා. අද ප්‍රතිපල බලන කොට එයට ලකුණු 159 ක් ලැබිලා තියෙනවා. පාසලෙන් මගේ දරුවා විතරයි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේ ප්‍රතිපලය ගැන සතුට වෙන්න බෑ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *