නුවරඑළියේ අලුත්ම Viewpoint එක මෙන්න

40
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට අඩි 6182 පමණ උසකින් පිහිටි ලංකාවේ උසම ගම්මානය වන ශාන්තිපුර ගම්මානය කේන්ද්‍ර කරගනිමින් ඉදිකරනු ලැබූ නුවර එළිය ශාන්තිපුර ‘ඊගල්ස් නැරඹුම් ස්ථානය (Eagle’s View Point) අද (26) උදෑසන විවෘත කර තිබෙනවා.

ඒ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ඇතුළු නිලධාරීගේ සහභාගිත්වයෙන්.

‘ඊගල්ස් නැරඹුම් ස්ථානයේ (Eagle’s View Point) සිට සංචාරකයින්හට නුවරඑළිය නගරය, පේදුරු තැන්න, පිදුරුතලාගල, හග්ගල, ග්‍රෙගරිවැව, කිකිළියාමාන්න කඳු පංතිය, ශ්‍රී පාදය, සප්තකන්‍යා කදුවැටිය සමගින් ඌව පළාතේ සොබා දහමේ සුන්දරත්වය නැරඹීමේ හැකියාව පවතිනවා.

Make a Comment



Leave a Reply

Your email address will not be published. Required fields are marked *