BREAKING NEWS
Search

මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයි

38

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පවසයි.

අදාල ඉඩම අක්කර එකයි පර්චස් 13.7 ක විශාලත්වයකින් යුත් බවත් එම ඉඩමෙහි වර්තමාන වටිනාකම රුපියල් මිලියන 3128 ක් වන බවට ඇස්තමේන්තු ගත කර ඇති බවද ඒ මහතා පවසයි.

එසේම අදාල ඉඩම තුල ඉදිකර ඇති මන්දිරය වර්ග අඩි 30354 ක විශාලත්වයෙන් යුතු බවත් එම මන්දිරයෙහි වර්තමාන වටිනාකම රුපියල් මිලියන 229 ක් වී ඇතැයි ද ඒ මහතා අනාවරණය කරන ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ පදිංචිව සිටින එම නිවස පාපන්දු පිටියක් තරම් විශාල නිවසක් බවත් නිවාස අධිකාරිය මගින් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක විශාලත්වය වර්ග අඩි 450ක් පමණ වන බවත් මෙහිදී කරුණු දක්වමින් අසිත නිරෝෂණ මහතා අනාවරණය කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *