BREAKING NEWS
Search

අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක්…

41
යම් සංවිධානාත්මක පිරිසක් රජයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් අස්වැසුම ප්‍රතිලාභය අනුමත කර දෙන බවට පොරොන්දු දෙමින් ජනතාවගෙන් මුදල් ලබා ගන්නා වංචනික ක්‍රියාවක නිරත වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පවසනවා.
එබැවින් මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසුනොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මෙම වංචනික ක්‍රියාවේ නිරත වන පිරිස් පිළිබඳව සොයාබලා ඉතා විගස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

අස්වැසුම දෙවැනි අදියර සංගණන කටයුතු සිදු කරන මෙම අවස්ථාවේදී, දිවයිනේ යම් යම් ප්‍රදේශවලින් මේ බව වාර්තා වී ඇතැයි ද ඔහු සදහන් කළා.

සංගණන අවස්ථාවේදී ජංගම මෘදුකාංගයක් මගින් එක්රැස් කරන තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටුවා ඇති තේරීම් කමිටුවක් මගින් පරීක්ෂා කර බලා විනිවිද භාවයෙන් යුතුව ප්‍රතිලාභීන් තෝරාගන්නා ක්‍රියාවලියක් සිදුකරන බවත් ඉහත සඳහන් ආකාරයට මුදල් ලබාගැනීම මගින් අස්වැසුම ප්‍රතිලාභය සඳහා කිසිදු ආකාරයක තෝරාගැනීමක් සිදුනොවන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ලෙස ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ද සභාපතිවරයා කියයි.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියරයට අදාළව ගෙන් ගෙට ගොස් තොරතුරු එක් රැස් කිරීමේ සංගණන ක්‍රියාවලිය සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025.01.21 දින සමස්ත දිවයින පුරාම ආරම්භ කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *