රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයේදී අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත අනුව යෝෂිත රාජපක්ෂ මහතා විසින් වැරදි සිදු කර ඇති බවට සාක්ෂි ඇති බවට දන්වා සිටීමෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වෙනත් පුවත්
මත් පෙති ආයුද සමග කෙරුවෙක් මාට්ටු
රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා මත්පෙති ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය තොගයක් , වායු පිස්තෝල , තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයකු ගල්කිස්ස විමලසිරි ද මෙල් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි
එම සැකකරු සමග හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3 ගෑම් 349 ක් කුෂ් මත්ද්‍රව්‍ය ගෑම් 25 ක් , මැන්ඩි මත්ද්‍රව්‍ය ගෑම් 30 , මත්පෙති 320 ක් , වායු පිස්තෝල අවියක්, කඩු දෙකක් , විද්‍යුත් තරාදි පහක් , මත්ද්‍රව්‍ය ඇසුරින් කිරීමට යොදා ගන්නා්නා පැකට් 4000 ක්, පොලිතින් සීලර් 01 ක් , ජංගම දුරකථනයක්, රුපියල් 1250/= ක් හා මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත
වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාද හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත

















