රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
ඊට අමතරව අගතියට පත් තරුණියන් තිදෙනාට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් වන්දි ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් නියෝග කළා.
2021 වසරේ වලාන දූෂණ මර්දන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුට එරෙහිව චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවයි.
විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
එහෙත් මෙම විත්තිකරු සිදුකර තිබෙන්නේ රට අපකීර්තියට පත් කරන බරපතළ වරදක් බව පෙන්වා දුන් විනිසුරුවරයා මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් පවසා සිටියා.
ඒ අනුව විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරුකොට දඩුවම් නියම කිරීමටද විනිසුරුවරයා තීන්දු කළා


















