මෙවර ඇය නැවත වරක් උසස්පෙළ විභාගයට ඉදිරිපත් වී තිබුණා.. ඇයටත් ජීවිතයේ බලාපොරොත්තු ගොන්නක් තිබෙන්නට ඇති ඒත් පසුගිය 17 වැනිදා ඇගේ ජීවිතයට වගේම ඇයට ආදරය කරන සියලු දෙනාගේ ජීවිතවලට අඳුරු දවසක් වුණා..
එහිදී ඇයට නිසි ප්රතිකාර නොලැබූ බවත්, වැඩිදුර ප්රතිකාර සඳහා ඇයව බදුල්ල මහ රෝහලට ඇතුලත් කිරීමට ප්රමාද වූ බව කියා ඇගේ මව්පියන් වගේම හිතවතුන් රෝහල් කාර්යමණ්ඩලයට චෝදනා කරනවා..
ඔවුන් පවසන්නේ ඇයව ICU එකට ඇතුළත් කිරීමට ප්රමාද වූ නිසාත් කඩිනමින් බදුල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර නොගත් නිසාත් මේ අවාසනාවන්ත ඉරණම ඇයට අත්වූ බවයි..

















