ගල්කිස්සේ ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

37

ගල්කිස්ස – සිරිපාල මාවත ප්‍රදේශයේදී පසුගිය 19 වනදා වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ සිදු කල වැටලීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

යතුරුපැදියෙන් පැමිණි වෙඩික්කරුට සහ පසු පැදිකරුට ගිනි අවිය සහ යතුරු පැදිය ලබා දීම මෙන්ම සැකකරුවන්ට නවාතැන් ගැනීමට පහසුකම් සලසා ඇත්තේ ද මොහු විසින් බවටයි හෙළි වී ඇත්තේ.

මෙම වෙඩි තැබීම විදේශ රටක රැදී සිටින අපරාධ කල්ලි සාමාජික වන අසංක ෆොන්සේකා නොහොත් බඩෝවිට අසංක හා කවිදු ධනංජය නොහොත් සැන්ඩා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වුණා.

සිද්ධියට අදාළ වෙඩික්කරු ගිනි අවියද සමග එදිනම අත්අඩංගුවට ගැනුණු අතර පසු පැදිකරු පළා ගොස් තිබුණා. වෙඩි වැදීමෙන් මිය ගියේ බඩෝවිට, දෙවන අදියර ප්‍රදේශයේ පදිංචිසිටි 24 හැවිරිදි තරුණයෙක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *