රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
විවාහක රූ රැජින තරගය පිටුපස දේශපාලනයක් තිබෙන බව සමඟි ජන බලවේගයේ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු හෙළිදරව් කර සිටිනවා.
විවාහක රූ රැජින තරගයේ දී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා කළ පැමිණිල්ල සඳහා ඇය කුරුඳුවත්ත පොලිසියට ඩිෆෙන්ඩර් රථ හා ආරක්ෂකයින් පිරිවරාගෙන පැමිණියේ දේශපාලන හයිය නිසා බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
පොළොන්නරුවෙන් දේශපාලනය කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන පුෂ්පිකා ද සිල්වා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂයගේ ජයග්‍රහණය වෙනුවෙන් වේදිකා වල කතා කළ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එම වේදිකා වල ඇය කිවූ කිසි දෙයක් කිසිවකුටත් නොතේරුණ බවත් පිරිස ඇගේ මුහුණ බලලා ඡන්දය දුන් බවද සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් ලෝකේ මුලින්ම ප්‍රසිද්ධ වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ ප්‍රථම අගමැතිනිය වීම නිසා බව සඳහන් කරන මන්ත්‍රීවරයා අද මෙරට කාන්තාවන් ලෝකයේ ප්‍රසිද්ධ වන්නේ මෙවැනි ඔටුනු ගැලවීම නිසා බව ද අවධාරණය කරයි.



















