BREAKING NEWS
Search

WTCයට පැන්න Batman අල්ලයි

28

පසුගියදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ලැප්ටොප් පරිගනක සොරකමක් සිදුව තිබෙනවා.

එහි තිබූ ලැප්ටොප් පරිගනක 10ක්, ජංගම දුරකතන 2ක් සහ චාර්ජරයක්ද සොරාගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම ලැප්ටොප් පරිගනක සොරකමට අදාළව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දිනෙක කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනේ 26 වැනි මහලේ මෙම සොරකම සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.

සොරකම් කිරීමෙන් පසුව එම පුද්ගලයා අදාල ගොඩනැගිල්ලේ batman ලෙස සටහන් තබා තිබෙනවා.

අත්අඩංගුවට-සැකකරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි නියෝග කර තිබෙන්නේ.

 

වෙනත් පුවත්

අයිස් කිලෝ 11ක් සමග අයෙක් දැලේ

මාලඹේ කහන්තොට මාවත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (22) සිදුකළ මෙහෙයුමකදී රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 11 ක් ග්‍රෑම් 2 ක් සහ හොරායින් ග්‍රැම් 180 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරනු ලබන මුදලින් රුපියල් 255,000 ක් සහ මෝටර් රථයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මල්වාන ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 31 ක පුද්ගලයෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *