ඉතින් ඒ අය මේ වගේ නිශ්පාදනවලට වැඩි කැමැත්තක් දක්වනවා..
පිටකොටුව කදිරේෂන් වීදියේ මුහුණු ආලේපන සහ ක්‍රීම් වර්ග අලෙවි කරන ස්ථානවල නීති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව ඖෂධ වර්ග සහ සම සුදුවීම සඳහා භාවිතා කරන ආලේපන අලෙවි කරන වෙළඳසැල් ඊයේ පාරිභෝගික අධිකාරීයේ විශේෂ වැටලීම් ඒකකය විසින් වටලනු ලැබුවා..
එහිදී අදාල ඖෂධ වර්ග පාරිභෝගික අධිකාරී නිලධාරින් විසින් ඉදිරි නඩු කටයුතු සඳහා මුද්‍රා තබා රැගෙන ගිය බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ..
අදාළ වෙළදසැල් හිමියන් ද ඇපකර මත නිදහස් කර තිබෙනවා..

















