බෙහෙත් ගන්න ආ තරුණිය කාපු දේවල් අහපු දොස්තරට තරු පෙනෙයි – අගනුවර කාර්යාලයක් ගැන ඇසෙන පුදුම කතාව

53
මේක අගනුවර කාර්යාලයකින් ඇහෙන පුදුම හිතෙන කතාවක්…
අගනුවර කාර්යාලයක සේවය කරන තරුණියක උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය පසු වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා දිවා ආහාරයට ගත්තේ මොනවා ද කියා විමසූ අවස්ථාවේ, දිවා ආහාරයට ගත් දේවල් කියාගන්නට බැරි වූ තරුණිය දහඅතේ කල්පනා කළ පුවතක් බස්නාහිර පළාතේ නුගේගොඩ අවට ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කාර්යාලයකින් වාර්තා වෙනවා.

වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

කාර්යාලයක සේවය කරන ගම්පහ ප්‍රදේශයේ තරුණියකි.

ඇය මෙදින සේවයට පැමිණ දිවා ආහාරය ගැනීමෙන් පසු ඇති වූ උදරාබාධයක් උත්සන්න වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත ගොස් ඇත.

වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා මෙදින දහවල් ආහාරයට ගත් දේවල් මොනවා ද කියා විමසා තිබේ,

දිවා ආහාරයට ගත් දේවල් මොනවා ද කියා කියනවා වෙනුවට තරුණිය දහඅතේ කල්පනා කරමින් සිටිනවා දැක වෛද්‍යවරයා නැවතත්, “ඇයි, දිවා ආහාරය ගත්තේ නැද්ද” යැයි විමසා තිබේ.

“නැහැ ඩොක්ටර්, මට හොඳට මතකයි මම ගත්ත ඒවා.”‍

“ආ.. එහෙනම් ගත්ත ඒවා කියන්න.” තරුණිය නැවතත් කල්පනා කළාය.

වෛද්‍යවරයා සැර පරුෂ ලෙස නැවතත් විමසූ විට තරුණිය සියල්ල පැවැසුවාය.

“මම ගත්තේ ඩොක්ටර් පරිප්පු, මස්, මාළු, බණ්ඩක්කා, වට්ටක්කා, බටානා, ගෝවා, බෝංචි, අල, පතෝල, බීට්රූට්…” කියා ව්‍යංජන රැසක නම් පවසද්දී, වෛද්‍යවරයාට ද උන් හිටි තැන් අමතක වීමෙන් පවසා ඇත්තේ, “හා ඇති ඇති ළමයා, නවත්වන්න නවත්වන්න” කියාය.

“නෑ ඩොක්ටර්, අපේ කාර්යාලයේ අපි යාළුවො 16 දෙනෙක් දිවා ආහාරය ගන්නෙ එකම වේලාවක, එක මේසයක. ඒ වෙලාවට අපි ඔක්කොම මාළුපිනි එකිනෙකාට බෙදා ගන්නවා. ඒක නිසයි මට කාපුවා මතක් කරගන්න ගොඩක් වෙලා ගියේ.” යැයි පැවැසූ පසු, වෛද්‍යවරයා ලියූ බෙහෙත් තුණ්ඩුවට අමතරව කෂාය ද බොන්න කියා තුණ්ඩුවක් දී පිටත් කර හැරියේලු‍.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *