BREAKING NEWS
Search

පාසල් සිසුවිය පැහැර ගත් සිදුවීම ගැන වෙනස්ම කතාවක් එලියට – පොලිස්සියේ කිහිප දෙනෙකුට සිදු වූ දේ

42
ඒ සිද්ධිය තවමත් ඔබට මතක ඇති..

දෙනෝදාහක් ගැවසෙන මහ පාරේ එදා ඒ වුණ සිදුවීම සියල්ලන් මවිතයට පත් කරන්නක් වුණා… 

ඒත් නීතිය ඒ සමබන්ධයෙන් ඒ මොහොතේම ක්‍රියාත්මක වුණේ නැද්ද..? මේ ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..

පාසල් සිසුවියක පැහැර ගත් බවට පැමිණිල්ල ලද අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගනිමින් දවුලගල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.එස්.එස්. රණසිංහගේ වැඩ තහනම් කර තිබෙනවා… එසේම තවත් දෙදෙනකු මාරු කිරීමට මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසින් පියවර ගෙන ඇති බවට වාර්තා වෙනවා..

රුපියල් ලක්ෂ 50 ක් කප්පම් ගැනීම සඳහා දවුලගල හපුගහයටතැන්න ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ 19 හැවිරිදි දියණිය පැහැරගෙන යෑමේ සිද්ධියේදී නිසි ලෙස රාජකාරි නොකිරීමේ චෝදනා ලත් ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.එස්.එස්. රණසිංහ නිලධාරියා සිද්ධිය වන අවස්ථාවේ දවුලගල පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිට ඇති බවටයි අනාවරණ වෙන්නේ..

සිද්ධියට අදාළව කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජි.ජී. කුසුම් ගමගේ නිලධාරිනිය දවුලගල පොලිසියේ සිට කඩුගන්නාව පොලිසියට ද අපරාධ අංශ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂක ජී.ඒ.එස්. නිමල්සිරි නිලධාරියා වෙලම්බඩ පොලිසියට ද මාරුකර ඇති අතර,පසුව සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරි සම්පත් වික්‍රමරත්නගේ අධීක්ෂණය යටතේ මහනුවර කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක ඇතුළු කණ්ඩායමක් විමර්ශන කර තිබුණා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *