සංචාරක වීසා උපයෝගී කරගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සදහා පැමිණීමෙන් වළකින ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා..
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සංචාරක වීසා උපයෝගී කර ගෙන ඕමනයේ රැකියාවල නිරතවිය නොහැකි අතර, එම වීසා රැකියා වීසා බවට පරිවර්තනය කල නොහැකි බවයි..
දෙරටේම අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් නොතකා, සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට පැමිණ අතරමං වන ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ද ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා..


















