BREAKING NEWS
Search

පාසැල් දරුවන්ට සතුටු හිතෙන ආරංචි දෙකක්

42

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන 2025 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ වන විට සියලුම රජයේ පාසල්වල 1 සිට 5 දක්වා ශ්‍රේණිවල සිසුන් , ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු පාසල්වල සියලුම සිසුන් , විශේෂ අධ්‍යාපන ඒකක හෝ පාසල්වල සිසුන් සහ තෝරාගත් පිරිවෙන්වල ගිහි සිසුන් ඇතුළු සමස්ත සිසුන් මිලියන 1.4 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ඇති.

එම වැඩසටහන වඩාත් සැලසුම් සහගතව 2025 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමටයි මෙම කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ.
ඒ අතර
තෝරාගත් පාසල් සහ පිරිවෙන්වල ගිහි පැවදි සිසුන්ට හා සිල් මාතාවන්ට පාවහන් යුගලක් ලබා ගැනීම සදහා රුපියල් 3000 ක තිළිණපතක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

ඒ අනුව සිසුන් 250 ට අඩු පාසල් 6000 ක ඉගෙනුම ලබන සිසුන් 650,000 ක් සදහාත් සිසුන් 250 ට අඩු පාසල් කාණ්ඩයට අයත් නොවන වතු පාසල්වල සිසුන් 140,000 කටත් මෙම තිළිණපත් හිමි වනු ඇති.

මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 28 ක සිසුන් 2300ක් සදහාත්, පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවදි සිසුන් 30,000 ක් සදහාත් මෙම තිළිණපත් ලබා දීමට නියමිතයි.

මීට අමතරව, පාසල් සිසුන්ගේ පෝෂණ වැඩසටහන 2025 වසර දක්වාත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමි වුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *