BREAKING NEWS
Search

එන්න එන්න ඉහල යන ඩොලරය අද නැවතුන තැන

38
හැමදාමත් ක්ෂේත්‍ර බොහෝමයක පිරිසක් ඩොලරයේ අගය ගැන සැලකිල්කිමත් වෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ අයට අද දවසේ ඩොලරයේ මිල ගණන් පිළිබඳව ඇසෙන කතාවයි..

ශ්‍රී මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඩොලරයේ අගය දැක්වුණේ මෙන්න මෙහෙමයි..

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.83ක් ලෙස සටහන් විය.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 301.33ක් ලෙසයි..

වෙනත් පුවත්

හමුදා කදවුරකින් අතුරුදන් වූ ගිනි අවි 38ක් සොයාගත් බව ජනාධිපති කියයි

යුද හමුදා කදවුරකින් අතුරුදන් වූ ගිනි අවි 73න් 38ක් මේ වන විට සොයාගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

බේරුවල පැවැති ජන හමුවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

එමෙන්ම රාජ්‍ය වියදම් අඩුම අයවැය ලේඛනයක් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

තවද, ඉන්ධන මත පනවා ඇති බදු අඩු කළ නොහැකි බවටයි ඔහු ප්‍රකාශ කළේ.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඉන්දියාව සමග එක්වී සාම්පූර් ප්‍රදේශයේ සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම හැකි ඉක්මනින් ආරම්භ කරන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *