රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මේ වන විට ශීත කළ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 800 ක් දක්වා පහත වැටී තිබෙනවා.
ඒ කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම අඩු වීම හේතුවෙන් ය.
ඒ බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර මහතා සදහන් කළේ ය.
එමෙන්ම, බිත්තරයක මිල ද රුපියල් 30 ත් 33 ත් අතර මිලක් දක්වා අඩුව තිබෙනවා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සදහන් කළේ රජය විසින් සත්ව ආහාරවලින් බදු අය කිරීම අඩු කරන්නේ නම් කුකුළු මස් සහ බිත්තර අඩු මිලට පාරිභෝගිකයින්ට අලෙවි කළ හැකි බවයි.
වෙනත් පුවත්
ඉන්දු – ජපාන – ඔස්ට්‍රෙලියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මේ වනවිට අමෙරිකාවේ වොෂින්ටන් නුවර රැඳී සිටිනවා.
ඒ අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ඩොනක්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට සහභාගී වීම සඳහායි.
එහිදී අමාත්‍යවරයා ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වට කිහිපයකටම එක්ව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහු එහිදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ Quad රාමුව යටතේ කලාපීය සහයෝගීතාව තක්සේරු කිරීම සඳහා ජපාන සහ ඕස්ට්‍රෙලියානු විදේශ අමාත්‍යවරුන් හමු වූ බවයි.
අමාත්‍ය ජයිශංකර් ජපාන විදේශ අමාත්‍ය ටකේෂි ඉවායා සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවල දී දෙරටේ මුලපිරීම්වල ප්‍රගතිය සහ Quad සම්බන්ධ මෑත කාලීන වර්ධනයන් පිළිබඳව අවධානය යොමු කළ බව සඳහන්.
X හි සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරය පැවසුවේ, “ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය තකේෂි ඉවායා හමුවීම සතුටක්. අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රගතිය සමාලෝචනය කළා.” යනුවෙන්.
තවත් වැදගත් කටයුත්තකදී, ජයශංකර් ඔස්ට්‍රෙලියානු විදේශ අමාත්‍ය වෙනී වොන්ග් (Penny Wong) හමුවූ අතර එහි දී ඔවුන් ගෝලීය කටයුතු සහ කලාපීය ගතිකත්වයන් ගැන සාකච්ඡා කර තිබෙනවා.

















