අධික වර්ෂාවෙන් ආරක්ෂා වීමට සිය ඥාතී නිවසකට යමින් සිටි තරුණියක් මන්නාරමේ තෝට්ටකාඩු ප්‍රදේශයේදී දුම්රියක ගැටී ඊයේ (20) එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, තෝට්ටකාඩු ගම්මානයේ පදිංචි 20 හැවිරිදි එස්. ප්‍රිෂන්තී නැමති තරුණියක්.
සිද්ධිය වූ දිනයේ ඇයගේ දෙමව්පියන් නිවසේ නොමැති නිසා ඇය වැස්සෙන් ආරක්ෂා වීමට ඥාතී නිවසකට යමින් සිටියදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.
අධික වර්ෂාව නිසා ඇයට දුම්රියක් පැමිණෙන ශබ්දය නොඇසී ඇය එහි ගැටෙන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
මියගිය අයගේ මෘත ශරීරය මන්නාරම රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, මන්නාරම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
වෙනත් පුවත්
19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය අද
මලයාසියාවේ පැවත්වෙන වයස අවුරුදු 19න් පහල පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය අද බටහිර ඉන්දීය කොදෙව් සමග පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8ට මෙම තරගය ආරම්භ වීමට නියමිත අතර මීට පෙර සත්කාරක මලයාසියාවට එරෙහිව පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල ජය ගනු ලැබුවා.
ශ්‍රී ලංකා තරගයට අමතරව මලයාසියාව සහ ඉන්දියාව අතර තරගයද අද පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12ට ආරම්භ වීමට නියමිතයි.
ඊයේ දිනයේ පැවති තරග 05න් සැමෝවා කණ්ඩායම පරදවා දකුණු අප්‍රිකාවත්, පාකිස්ථානය පරදවා එංගලන්තයත්, නේපාලය පරදවා ස්කොට්ලන්තයත්, නවසිලන්තය පරදවා නයිජීරියාවත් අයර්ලන්තය පරදවා ඇමරිකාවත් ජය වාර්තා කළා.


















