BREAKING NEWS
Search

හිටපු ජනපති මහින්ද නිවසින් යන්න සූදානම්

39

මහින්ද රාජපක්‍ෂ මහතා නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (20) පැවසීය.

එතුමා මහින්ද රාජපක්‍ෂ වීම නිසා නිල නිවසින් ඉවත් යෑමට සූදානම් බවත් වර්තමාන ජනාධිපතිතුමාට එම නිවස කාට හෝ විකුණාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඉවත්කිරීමට අවශ්‍ය නම් එය ලිඛිතව දැන්විය හැකි බවත් නාමල් රාජපක්‍ෂ මහතා කීය. එම නිවස ඉල්ලා ගත් දෙයක් නොවන අතර එය ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයාට ලැබුණු දෙයක් බව ද නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

වෙනත් පුවත්

රග්බි සංගමයේ නිලවරණයට වාරණයක්

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය  වලක්වමින් එම සංගමයේ නිලවරණ කමිටුව ඇතුළු සාමාජිකයින් හත් දෙනෙකුට වාරණ නියෝගයක්  කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නිකුත් කළේය .

ශ්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු සභාපතිවරයකු වන ලසිත ගුණරත්න මහතා  විසින් එම සංගමයේ නිලවරණ කමිටුව ඇතුළු නිලධාරීන් තිස් අට දෙනෙකුට එරෙහිව ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව  මෙම වාරණය නිකුත් කර ඇත.

නිල මරණය හෙට (21)පැවැත්වීමට නියමිත තිබූ අතර වාරණය ලබන 30දා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.

පෙත්සම්කරුගේ නාම යෝජනා භාර ගැනීමකින් තොරව නිලවරණය පැවැත්වීම නීති විරෝධී බවට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කර ඇත.

නිලවරන කමිටුවේ සභාපති, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ඇතුළු වග උත්තරකරුවන් හත් දෙනෙකුට වාරණය නිකුත් කර ඇති අතර අතුරු තහනමක් නිකුත් නොකිරීමට සම්බන්ධයෙන් ලබන තිස් වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරඇත.

නීතිඥ සංජය ෆෝන්සේකා මහතාගේ උපදෙස් මත නීතිඥ පසිඳු බණ්ඩාර මහතා සමඟ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *