BREAKING NEWS
Search

ඖෂධ මිල ගැන සතුටු හිතෙන ආරංචියක්.

43
පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුණි පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුබද්ධිත මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී.

එහිදී තවදුරටත් අවධාරණය කර සිටියේ එම ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් රුපියල් 70,000ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලදී ගත් ඖෂධයක මිල රුපියල් 370ක් දක්වා පහත වැටුණු බවයි.

ඖෂධ ඒකාධිකාරිය බිඳ දමා සමාගම් කීපයකට ඖෂධ ගැන්වීමේ අවස්ථාව ලබාදීමෙන් ඉදිරියේදී සැලකිය යුතු ලෙස මෙරට ඖෂධ ගණනාවක මිල පහත වැටෙන බවද ඔහු අවධාරණය කරනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *