BREAKING NEWS
Search

පොලී රහිත ණයක්… ලැබෙන පිරිස මෙන්න…

39

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 9 වන බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ, අනුව 2021/ 2022/ 2023 වර්ෂ වලදී අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් සිසුන් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම සිදු කළ හැකියි.

සුදුසුකම්ලත් අපේක්ෂකයින් https://studentloans.mohe.gov.lk මගින් මාර්ගගත ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

සියලුම උපාධි පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙහෙයවනු ලබන අතර, https://studentloans.mohe.gov.lk වෙබ් අඩවියෙහි පළකොට ඇති ශිෂ්‍ය අත්පොත මගින් අදාළ උපාධි පාඨමාලා ලැයිස්තුවට යොමුවිය හැක.

අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය ආරම්භක දිනය : 2025.01.22 / අවසන් දිනය : 2025.02.22
වෙනත් පුවත්

දිස්ත්‍රික්ක 04කට නායයෑම් පිළිබද අනතුරු ඇගවීම්

දිස්ත්‍රීක් 04ක් සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබද පෙර අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ දොලුව සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට හා ඒ අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අදියර දෙක යටතේ අනතුරු ඇගවිමක් සිදු කර ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, බදුල්ල හා හාලිඇල, මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, පන්විල හා මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ජීවත් වන ජනතාවට අදියර එක යටතේ අනතුරු ඇගවීමක් සිදුකර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටියේ.

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරලයේ, නාඋල, පල්ලේ පොල සහ මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහාද අදියර එක යටතේ අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් වසා දැමුණු නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට දින යළි විවෘත කරන බව පලාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර ප්‍රකාශ කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *