BREAKING NEWS
Search

කංකානියම්මුල්ල රක්ෂිතයේදී මියගිය යුවල අවසන් ගමන් යයි

35

පන්නල, කංකානියම්මුල්ල රක්ෂිතයේදී වස පානය කොට මියගිය අඹු සැමි යුවලගේ අවසන් කටයුතු අද (20) පස්වරුවේ සිදුකර තිබෙනවා.

ඒ කුලියාපිටිය, කනදුල්ල පොදු සුසාන භූමියේදීයි.

කංකානියම්මුල්ල රක්ෂිතයේ තිබී ඊයේ සොයාගත් මියගිය අඹු සැමි යුවලගේ සිරුරු සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී අද සිදු කෙරුණා.
ඉන් අනතුරුවයි දේහයන් ඥාතීන්ට භාරදී තිබුණේ.

එම මරණ සම්බන්ධයෙන් මේ වන විට විවිධ තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.

මරණ වලට හේතුව අධික ලෙස ණය වීම බවයි ඔවුන්ගේ නිවැසියන් පවසා ඇත්තේ.

ඒ අනූව මිය ගොස් සිටින යුද හමුදා මේජර්වරයෙක් බව කියන සැමියා online මූල්‍ය ගනුදෙනු හා online සූදු ක්‍රීඩාවේ නිරතව සිටි බව වාර්තා වනවා.

මේ අතර වාර්තා වී ඇත්තේ ඔහු ඥාතීන් කිහිප දෙනෙකුට හා තවත් පාර්ශ්ව කිහිපයකට රුපියල් ලක්ෂ 20, 40 සහ එවැනි වටිනාකම්වලින් ණය වී සිටි බවයි.

මේ හේතු මත මියගිය අය විසින් ලියන ලද ලිපියක් ද ඔවුන් සතුව තිබිය දී පොලිසියට හමුව තිබෙනවා.

“ජීවිතය ගොඩගන්න අපි ගොඩක් ට්‍රයි කළා… ඒත් අපිට වැරදුණා… අක්කලා කියන ඒවත් අපි දන්නවා..” යැයි කරුණු රැසක් එම ලිපියේ සඳහන්.

මොවුන් දෙදෙනා අධික ණය බරින් සහ ආර්ථික ගැටලු වලින් පෙළී ඇති බව එම ලිපියේ සඳහන් කරුණු මත සනාත වන බවයි පන්නල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දිනුක් ප්‍රියංජිත්  පැවසුවේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *