BREAKING NEWS
Search

සුජීව සේනසිංහට අධිකරණයෙන් නියෝගයක්

36

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධිකරණ ඇමති සුජීව අර්ජුන සේනසිංහට ලබන පෙබරවාරි 05වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ පසුගිය 2024.11.08 වන දින ටොයෝටා ලෑන්ඩ් කෘසර් මාදිලියේ ජිප් රථයෙහි එම රථය නිෂ්පාදිත කර්මාන්ත ශාලාවෙන් පරිබාහිරව කොටස් දෙකක් එකිනෙක පෑස්සිමෙන් එකලස්කර නිමකිරීම සිදු කළ බව කියන සිද්ධියකට අදාළවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් පසුගියදා සිදු කළ ඉල්ලීමට මෙලෙස අවසර ලබා දී තිබෙනවා.

මෝටර් රථ ආඥා පනතේ 214 (1) ආ වගන්තිය සමග කියවෙන 2009 අංක 08 දරණ සංශෝධිත මෝටර් වාහන පනත යටතේද, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති යටතේ ද චෝදනා ගොනු කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *