BREAKING NEWS
Search

හෙට දින පාසැල් පැවැත්වීම ගැන හදිස්සියේ ගත් තීරණය මෙන්න

46

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (20) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් අදාල පාසල් වසා තැබෙන බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්‍ය් ජයන්ත ලාල් රත්නසේකර පවසන්නේ.

වෙනත් පුවත්

කළාඔය පිටාර ගලා විල්පත්තුව මාර්ගයත් වැහෙයි

පවතින මහ වැසිත් සමග විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු මාර්ගය ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවිමත් සමග මාර්ගය  අද(19 ) සිට  වසා දමා ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

ඉහල ජලධාරා ප්‍රදේශ වලට ඇද හැලෙන මහ වැසි හා රාජාංගන ජලාශයෙ වාන් දොරටු විවෘත කිරීමත් සමග එයින් එන දැවැන්ත ජල කද කළාඔය හරහා පැමින වනාතවිල්ලුව ගගේවාඩිය ආසන්නයෙදී මුහුදට වැටිම සිදුවෙයි.

එම ජල කල හේතුවෙන් පුත්තලම සිට වනාතවිල්ලුව හරහා ක්‍රොස්වේ තැලවිලි පාලම මතින් විල්පත්තුව ජාතික වන උද්‍යානය හරහා ගමන් කිරීම සිදුවෙති.

නමුත් ගලා බසිනා දැවැන්ත ජල කද  අද වන විට එළුවන්කුලම ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවි වනජීවි කාර්යාල භුමිය හා ඒ අසල පිහිටි නාවික හමුදා කදවුර ද මේ වන විට ජලයෙන් යටව ඇති බව ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

මේ හේතුවෙන් මෙම මාර්ගය භාවිතා කරමින් විල්පත්තුව ජාතික වන උද්‍යානයට ගමන් කල සංචාරකයින්, වනජීවි නිළධාරින් හා ආරක්ෂක අංශ සාමාජීකයින්ට එය තාවකාලිකව ජලය  ක්‍රමයෙන් බැස යන තුරු ගමනා ගමන කටයුතු නවතා ඇති බව කියයි.

සපත්තු පාලමට උඩින් අඩි 15 කට ආසන්න උසකින් දමා ඇති එල්ලෙන පාලමට ආසන්න වන්නට මේ වන විට ජල කද ගලා යමින් ඇති බව වනජීවි නිළධාරීහු පවසති.

ඒ සමගම කළාඔය පිටාර ගැලිම නිසා එළුවන්කුලිම මාර්ගයෙද ජලය ක්‍රමයෙන් වැඩිවිමක් සිදුව ඇති බව කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *