අද (19) පෙරවරුවේ පන්නල, කංකානියම්මුල්ල රක්ෂිතයේ තිබී මියගිය තරුණ යුවලකගේ සිරුරු දෙකක් හමුවී තිබෙනවා.
පොලිසිය පවසන්නේ එහිදී මළ සිරුරු ආසන්නයේ තිබී ඔවුන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් හමුව තිබෙන බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 37ක පුරුෂයෙක් හා අවුරුදු 32ක කාන්තාවක්.
ස්ථානීය ලක්ෂණ අනූව මරණයට හේතුව වස පානය කිරීමක් බවයි පොලිසිය සැක පල කරන අතර මෙම පුරුෂයා යුද හමුදා සාමාජිකයෙකු බවත් කාන්තාව ගුරුවරියක බවටත් තොරතුරු හෙළිව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
වෙනත් පුවත්
දුම්රිය ගමන්වාර 28 ක් අවලංගුයි
දුම්රිය රියදුරු සේවා වාරවලට වාර්ථා නොකිරීම හේතුවෙන් අද (19) දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර තිබේ. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ 16 ක් ද, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 8 ක්, පුත්තලම් මාර්ගයේ ගමන් වාර 4 ක් ද අවලංගු කර තිබේ.
කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර අවලංගු නොවන අතර අද පස්වරුව වන විට අවලංගු වන ගමන්වාර සංඛ්‍යාව වඩා ඉහළ යනු ඇතැයි දුම්රිය වෘත්තය සමිති පවසයි.



















