BREAKING NEWS
Search

ගල්කිස්සම කළඹමින් වෙඩි තැබීමක්…

38
ගල්කිස්ස, සිරිපාල මාවතේදී ප්‍රදේශයේ අද (19) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.


තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එහිදී සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවෙකු ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙනත් පුවත්

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලියවුනු වාර්තාගත මත්ද්‍රව්‍ය වැටලීම

කුරුණෑගල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) විසින් සිදු කළ වැටලීමකදී රුපියල් මිලියන 283කට අධික මුදලක් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

මෙය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වාර්තාගත වන විශාලතම මුදල් අත්අඩංගුවට ගැනීමයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මාධ්‍ය හමුවේ අනාවරණය කළ පරිදි, මෙම මුදල් බන්ධනාගාරය තුළ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හරක් කටා ට සම්බන්ධ වී ඇත.

නිවසක සඟවා තිබී සොයාගත් මෙම මුදල මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් බවට සැක කෙරෙන අතර, වාහන දෙකක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

2025 ජනවාරි 16 වන දින දොරටියාව පොලිස් වසමේ දඹුල්ල-කුරුණෑගල මාර්ගයේ කිරිවවුල, තෝරයාය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහනුවර උප ඒකකය විසින් සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 39ක් වන මෙම සැකකරු බෝගමුව පොලිස් වසමේ හංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු භාවිතා කළ කැබ් රථයේ රියදුරු අසුන යටින් සොයාගත් බෑගයකින් රුපියල් මිලියන 23.5ක මුදලක් සහ විවිධ වර්ණවලින් යුත් මැණික් ගල් බවට සැක කෙරෙන පාෂාණ කැබලි 70ක් පමණ සොයාගැනීමට පොලීසිය සමත් විය.

වැඩිදුර විමර්ශනවලදී සැකකරුගේ හංගමුව නිවසේ සේප්පුවකින් තවත් රුපියල් මිලියන 259.8ක මුදලක් සහ වෑන් රථයක් සොයාගැනීමට හැකි වී තිබේ.

විමර්ශනවලදී හෙළි වූ තොරතුරු අනුව, අත්අඩංගුවට ගත් සැකකරු දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීප සහචරයෙකු ලෙස කටයුතු කර ඇත.

ඔහුගේ මෙහෙයවීම මත මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බව තහවුරු වී තිබේ. වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේ 2024 සැප්තැම්බර් 23 සිට 2025 ජනවාරි 10 දක්වා කාලය තුළ

– හෙරොයින් කිලෝග්‍රෑම් 373

– ගංජා කිලෝග්‍රෑම් 3,504

– අයිස් කිලෝග්‍රෑම් 751

– කොකේන් කිලෝග්‍රෑම් 3.7

– හෂීෂ් කිලෝග්‍රෑම් 167

– වෙනත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 482ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේ නව රජයේ ප්‍රතිපත්ති යටතේ සංවිධානාත්මක අපරාධකරුවන්ට තවදුරටත් දේශපාලන ආරක්ෂාව නොලැබෙන බවයි.

විදේශයන්හි සිට ක්‍රියාත්මක වන අපරාධකරුවන් සඳහා ඉන්ටපෝල් ආයතනය හරහා රතු නිවේදන 60කට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇති අතර, ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් සිටී.

පොලීසිය විශේෂ මෙහෙයුම් හා විමර්ශන කණ්ඩායම් පිහිටුවා ඇති අතර, විශේෂයෙන්ම බන්ධනාගාර තුළ සිට මෙම ජාවාරම් මෙහෙයවන පුද්ගලයින් පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමට රජය පියවර ගනිමින් සිටින අතර, මත්ද්‍රව්‍ය නඩු විභාග කඩිනම් කිරීමට සහ වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *