BREAKING NEWS
Search

සිසුන් 6ක් රෝහලට යැවූ අනාරක්ෂිත හෝටලය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

37

ගිනිගත්හේන නගරයේ  අනාරක්ෂිත වෙළඳ සලක ආහර ලබාගැනීම සඳහා ගිය සිසුන් හය දෙනකු එහි ලී තට්ටුවක් කාඩ වැටීමෙන් අනතුරට ලක්වී ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

අද උදෑසන මෙසේ අනතුරට ලක් වී ඇත්තේ අඹගමුව විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් හය දෙනකු වන අතර ගිනිගත්හේන නගරයේ බාහිර පන්තියකට සහභාගීම සඳහාහා පැමිණ ආහාර ලබා ගැනීමට මෙම හෝටලයට ගිය බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

එහෙත් හෝටලයේ අනාරක්ෂිත බිම් මහල තුළ රැඳී සිටියදී එහි ලී පොළොව කඩා වැටී අඩි 15කට පමණ බෑවුමකට මෙම සිසුන් හය දෙනා පෙරළීගොස් අනතුරට ලක්වී ඇතැයි පොලිසිය කියයි

දැඩි ලෙස අබලන්ව  අනාරක්ෂිත මෙම හෝටලයේ බිම්මහලේ මෙම අනතුර සිදුවීමත් සමගම ප්‍රදේශවාසීන් විසින් සිසුන් රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට හෝටලය වසා දමා ඇති ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශනන සිදුකරයි .

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *