BREAKING NEWS
Search

මහ රෑ අනියම් පෙම්වතියව සොයාගිය සැමියාව දුරකථන ඇමතුමෙන් හසු වූ හැටි…

42
ඔහු රජයේ සේවකයෙකි.දිවා රාත්‍රී සේවා මුරයන්ට වැඩ කරන අතර සිය ත්‍රී රෝද රථයෙන්ම වැඩට යාමට පුරුදුව සිටී.
එදිනද ඔහු රාත්‍රී වැඩ මුරය වෙනුවෙන් නිවසින් පිට වී ඇත්තේ බිරිඳ සාදා දුන් බත්මුලද රැගෙන ත්‍රී රෝද රථයෙනි.

එහෙත් ඔහු එදින සැබවින්ම ගොස් ඇත්තේ වැඩට නොව සිය අනියම් බිරිඳගේ නිවසටයි.

එදින රාත්‍රී ඔහු එහි ගතකොට ඇති අතර ඇයද එක්දරු විවාහක මවකි.ඇගේ ස්වාමි පුරුෂයා විදෙස්ගතව රැකියාවක් කරන අයෙකි.

අනිත් පසුවදා කිසි වෙනසක් නැතුව නිවසට ගිය ඔහු වෙලට ගොස් ඇති අතර ,ඔහු නොමැති අවස්ථාවේදි දුරකතන ඇමතුමක් ලැබී ඇති අතර එයට ප්‍රතිචාර දක්වා තිබුනේ බිරිඳ විසිනි.

එම ඇමතුම ලබා ගෙන ඇත්තේ ඔහුගේ අනියම් පෙම්වතියගේ දරුවා වන අතර ත්‍රීරෝද රථයේ ඇතැම් ලියකියවිලි ඔහු එම නිවසේ දමාවිත් තිබිණි.

ඒවා දුටු එම කුඩා දරුවා එම ලියකියවිලිවලම ඇති අංකයට කතා කොට විමසා ඇත්තේ “ඇන්ටි..අංකල් කෝ “ යනුවෙනුයි.

එම කුඩා දරුවාගෙන් සියල්ල අසා දැනගත් බිරිඳ එම නිවසට යන පාරද අසාගෙන තනියම ත්‍රී රෝද රිය රැගෙන එහි ගොස් තිබේ.

“අංකල් ඊයේ රෑ හිටියේ අපේ ගෙදර” යනුවෙන් එම පොඩි දරුවා පැවසීමත් සමඟම ඇගේ දෙලොව රත්වී ඇති අතර වැඩ පොළෙන්ද විමසූ විට දැනගන්නට ලැබී ඇත්තේ පෙර දින ඔහුට රාජකාරියක් නොමැති නිවාඩු දිනයක් ලෙසයි.

ඒ අනුව සිය සැමියාගේ අනියම් පෙම ඇය විසින් අතටම හසු කරගෙන ඇති අතර ඇගේ බඩු මූට්ටුද රැගෙන ඇය එම නිවසින් පිටව ඇත්තේ යළිත් එහි පස් නොපාගන බවට දිවුරමිනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *