රට පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති දුම්රිය ඊ – ටිකට් වංචාව සිදුවන්නේ කෙලෙසදැයි මේ වනවිටත් අභිරහසක්ව පවතිනවා.
කෙසේවෙතත්, හිරු CIA මේ පිළිබඳ කළ විමර්ශනයේදී හෙළිවූයේ මෙම ජාවාරම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවකයන් ද මීට සම්බන්ධ බවයි.
මහනුවර දුම්රිය මාර්ගයේ ඇල්ල ප්‍රදේශය හරහා ගමන් ගන්නා දුම්රියවල ආසන සඳහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඊ – ටිකට් වෙන්කර ගැනීම මේ වනවිට සාමාන්‍ය ජනතාවට සිහිනයක් වී තිබෙනවා.
ඒ, තත්පර ගණනාවක් තුළ දුම්රියේ සම්පූර්ණ ආසන සංඛ්‍යාව විකිණී අවසන් වීම හේතුවෙන්.
මෙය ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම රටේ ජනතාවත් අසාමාන්‍ය සිදුවීමක් ලෙස දුටුවද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගේ මතයයි මේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් හිරු CIA කළ විමර්ශනයකදී හෙළිවුයේ ඇල්ල, මහනුවර,කොළඹ පමණක් නොව කොට්ටාව – මාකුඹුර ප්‍රදේශය ද ඊ ටිකට් වංචාවට ප්‍රසිද්ධියක් උසුලන බවයි.
මෙම කාන්තාව විසින් දැනට විදේශගතව සිටින පුද්ගලයෙකුට යොමු කළ වට්ස්ඇප් පණිවුඩ හරහා අනාවරණය වන්නේ ඊ – ටිකට් කල්තියාම වෙන්කරවාගෙන විකිණීම සඳහා මාකුඹුර ප්‍රදේශයේ ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයක් ද ලියාපදිංචි කර ඇති බවයි.
වෙන්කරවාගෙන ඒවා වැඩි මිලට විකුණන සිදුවීමට මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවකයෙකු ද සම්බන්ධ බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් හිරු CIA එම පුද්ගලයා සොයා ගියා.
එහිදී ඔහු ප්‍රකාශ කළේ පසුගිය වසරේදී තම පියාගේ නමින් ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයක් මාකුඹුරේ ආරම්භ කළ බවයි.
වට්ස් ඇප් හරහා පණිවුඩ හුවමාරු කළ කාන්තාව මොහුගේ බිරිඳ බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ තවත් පිරිස් මෙම ඊ ටිකට් ජාවාරම මහා පරිමාණයෙන් සිදු කරන බවත් ඔහු මෙහිදී හෙළි කළා.
අලෙවි වීම ගැන පමණක් ප්‍රීතියට පත්වන දුම්රිය බලධාරීන්ගේ දෑස් මෙම අනාවරණයෙන් පසුව හෝ විවර වුවහොත් හෙට දිනයේ මෙරට සාමාන්‍ය ජනතාවටත් ඇල්ල බලා යන දුම්රියක ආසනයක් වෙන් කරගැනීමට හැකි වනු ඇති.
එමෙන්ම මෙරට සිරි නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන් සුරාකෑම නැවතීමටත් එය පිටුවහලක් වනු ඇති.
source : Hiru



















