BREAKING NEWS
Search

මත්පැන් මිල ගැන සුරාබදු කොමසාරිස් දැන් කියන කතාව

42

රජය විසින් පැනවූ සුරාබදුවලට අදාළව මත්පැන් මිල වැඩිකිරීම සිදුනොකර එය සමාගම්වල ලාභයෙන් සහ මත්පැන් අලෙවිසැල් සඳහා ලබාදෙන ලාභයෙන් අඩුකරගෙන මෙතෙක් පැවති මිලම ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස තමන් කිසිදු මත්පැන් සමාගමකට උපදෙස් ලබා නොදුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා පවසනවා.

ඒ සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම්වලට යෝජනා කිරීමට කිසිදු සාකච්ඡාවක් ද සිදුනොකළ බවයි ඔහු පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍යවල පළවන වාර්තාද සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු පවසනවා.

රජය විසින් 6%ක සුරාබදු ඉහළ නැංවීම හේතුවෙන් මේ වනවිට මත්පැන් මිලිලීටර් 750 බෝතලයක් සඳහා රුපියල් 120ක මිල වැඩිවීමක්ද, මත්පැන් කාලේ බෝතලයක් සඳහා රුපියල් 25ක පමණත් මිල වැඩිකිරීමක් සිදුවී තිබෙනවා.

වෙනත් පුවත්

මත්ද්‍රව්‍ය වැටලීමකදී සොයාගත් වැඩිම මුදල හමුවේ

මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයා ගන්නා ලද මුදල් සහ දේපල පොලිස් භාරයට ගැනීම ඊයේ (16) සිදුකළ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ අනුව, පොලිස් ඉතිහාසයේ ලැබුණු වැඩිම මුදල් ප්‍රමාණය ලෙස ලක්ෂ 2,833ක් එමගින් සොයාගැනීමට හැකි වූ බවයි වැඩබලන පොලිස්පති පැවසුවේ.

ඔහු මේ බව පවසා සිටියේ අද (17) පැවති මාධ්‍ය හමුවකදීයි.

මෙම මුදල් අයත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වනවිටත් බන්ධනාගාරයේ සිටින බවත්, සොයාගත් මුදල් බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් බවත්, ඔහු පැවසුවා.

එමෙන්ම මුදල් සමග වාහන දෙකක් අත්අඩංගුවට ගත් බවත්, ග්‍රාමීය ප්‍රදේශයක නිවසක මෙම මුදල් සඟවා තිබියදී සොයාගත් බවත්, වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා.

තවද, එම මුදල් පිළිබඳව අද (17) කුරුණෑගල අධිකරණයට වාර්තා කළ බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *