රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
අදාළ ගුරුවරයා විසින් මව් පිය සෙනෙහස අහිමිවන, වෙනත් ගැටළු සහිත බව පෙනෙන දැරියන්ට සමීප වී ඔවුන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගනිමින් දැරියන් නිරුවත් කර ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ වෙන විට මෙම ගුරුවරයා විසින් වීඩියෝ මාර්ගයෙන් අපයෝජනය කළ එක් දැරියකගේ පියා මියගොස් ඇති අතර මව විදේශ ගතව සිට පැමිණ ඇති බවද සඳහන්.
දැරිය මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන 16 හැවිරිදි වියේ පසුවන්නියක්.
පාසලේ වැඩ කටයුතු නිවසේ සිට කිරීමට අපහසු බැවින් ඇය සිය නැන්දනියගේ නිවසේ නැවතී සිට ඇති අතර නැන්දණියට ඇයගේ හැසිරීම පිළිබඳව සැක සිතී දුරකථනය පරීක්ෂා කිරීමේදී මෙම ගුරුවරයා දැරියගේ නිරුවත් දර්ශන ගෙන්වා ගෙන ඇයව අපයෝජනය කර ඇති ආකාරයත් ඇයව කාමරයට රැගෙන යෑමට සිදු කරන පෙළඹවීම් සහිත වට්ස්ඇප් පණිවිඩයත් සොයා ගෙන තිබෙනවා.
ඒ අනුව නැන්දණිය විසින් මිනුවන්ගොඩ පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම විද්‍යා ගුරුවරයා දැරියට විටින් විට මුදල්ද ලබා දී බව පොලිස් විමර්ශනවල දී තහවුරු වී තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ (17) අදාළ පාසලේ විදුහල්පතිවරයාද ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසියට කැඳවා ඇති අතර පසුව පොලිස් නිලධාරීන් විසින් විද්‍යා ගුරුවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ දෙකක ශරීර අප මතමුදා හැර ඇති අතර 2025-03-04 දින යළිත් නඩුව කැදවීමට නියමිතයි.

















