BREAKING NEWS
Search

ඉහළ කොත්මලේ සැඟවුණු සිව්හැවිරිදි දරුවා හමු වූ තැන

36

ඉහළ කොත්මලේ ජලාශයට වැටී අතුරුදහන් වී  සිටි වයස අවුරුදු හතරක කුඩා දරුවාගේ මළසිරුර ජලාශය පතුලේ සිරවී තිබිය  දී අද (17) දහවල් සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.

අවුරුදු හතරක කුඩා ළමයෙකු ද සමඟ මවක් තලවකැලේ, ඉහළ කොත්මලා ජලාශයට ඊයේ (16) සවස වැටී ඇති අතර, එහෙදී දියේ ගිලීමෙන් මෙම කුඩා දරුවා අතුරුදහන් වී සිටි බව පොලිසිය පවසයි.

අවාසනාවන්ත ලෙස මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ, දෙව්සිරිපුර, ප්රෂදේශයේ පදිංචිව සිටි ධනුෂන් නැමති කුඩා පිරිමි ළමයෙකු බව පොලිසිය කියයි.

තලවකැලේ පොලිසියේ නිලධාරීන්, ඉහළ කොත්මලා ජලාශය භාර  නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා ජලාශය පතුලේ මඩේ රැඳී තිබූ දරුවාගේ සිරුර සොයා ගැනීමට පියවර ගෙන තිබිණි.

කුඩා දරුවාගේ මළසිරුර අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන යාමට පොලිසිය පියවර ගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් තලවකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

(ඡායාරූප : ශාන්ත චන්ද්ර සිරි හුලංනුගේ සහ රංජිත් රාජපක්ෂ)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *