BREAKING NEWS
Search

අනේ දෙවියනේ අහිංසක මල් කැකුල. කොත්මලේ ජලාශයට  පැන්න මව සහ දරුවාට සිදු වූ දේ

40

සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් අවුරුදු හතරක කුඩා ළමයකු ද සමග මවක තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයට  පැන ඇති බවත්, ඉන් කුඩා දරුවා අතුරුදහන් වී ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

කුඩා දරුවා ජලයේ ගසා ගෙන ගොස් අතුරුදහන් වී ඇති බවත්, මව බේරා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවද පොලීසිය කියයි.

මෙම මව දරුවකු ද සමග ඉහල කොත්මලා ජලාශයට පනින අයුරු තරුණයකු දැක ඇති බවත්, ඔහු ක්ෂණිකව ජලාශයට පැන ජලයේ ගසා ගෙන යමින් සිටි මව බේරා ගෙන ඇති බවත්, දරුවා බේරා ගැනීමට එම තරුණයාට නොහැකි වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

වෙනත් පුවත්

බදුල්ලෙන් සියයට 66 අවධානම්ලු

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමියෙන් 66 % ක් පමණ කුමන හෝ අවධානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂනි පෙරේරා මහත්මිය පැවසීය.

ඇය එසේ පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ වත්මන් ආපදා තත්වය පිළිබඳව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 15 දා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගායේ දී පැවැති සාකච්ඡාවක දීය.

ආපදාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ තුන් දහසකට අධික පවුල් සංඛ්‍යාවක් මෙතෙක් නැවත පදිංචි කිරීමක් සිදුව නැති බවද මෙහිදී අනාවරණය විය.

ශ්‍රී ලංකාව කාළගුණික දේශගුණික විපර්යාසවල ගෝලීය අධිඅවදානම් රටක් ලෙස අහිතකර බලපෑමට ලක්වෙමින් පවතින අතර මේ හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් බලපෑම ඉහළ යාම, අධික පාංශු ඛාදනය, පානීය ජල හිඟකම, වසංගත තත්ත්ව වර්ධනය වීම, යටිතල පහසුකම් විනාශ වීම හා බදුලු ඔය විනාශ වීම ආදී බලපෑම් නිරන්තරයෙන් සිදුවෙන අතර මෙමඟින් වාර්ෂිකව විනාශවන පුද්ගල හා දේපළ අති විශාල බවද නිළධාරීහු මෙහිදි පෙන්වා දුන්හ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *