අද අලුයම සිය නිවෙසේ දී සුපිරි නළු සයීෆ් අලී ඛාන්ට එල්ල වූ ප්‍රහාරවලින් ඔහුගේ සිරුරේ කැපුම් තුවාල හයක් පමණ සිදුව ඇති අතර ඔහුව රෝහලේ දී සැත්කම් කිහිපයකට ද භාජනය කර තිබෙනවා.
සයිෆ් වෙත මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ, මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් නාඳුනන තැනැත්තෙක් විසින්.
එම ප්‍රහාරය එල්ල වෙන අවස්ථාවේ දී අදාළ නිවෙසේ සයිෆ්ගේ පවුලේ සාමාජිකයන් ද රැඳී සිට තිබුණා.

















